ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන පොලිස් මධ්‍යම අපරාධ කාර්යාංශය වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබාදීමෙන් පසුව අද පස්වරුවේ එම පරිශ්‍රයෙන් පිටව ගියා.
ඔහු මෙලෙස පැමිණ තිබුණේ මිරිහාන සහ නුගේගොඩ ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සමාගම් දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එම මුදල 2018 සහ 2021 අතර කාලසීමාව තුළ එම සමාගම්වල ආයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කිසිඳු ස්ථිර රැකියාවක හෝ ආදායම් මාර්ගයක නිරත නොවන පුද්ගලයෙකු මෙතරම් විශාල මුදලක් ආයෝජනය කිරීම සැක සහිතව පවසමින් පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
අනතුරුව එම පැමිණිල්ල ඉදිරි විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කර ඇත.







Leave a Reply