Loading...

නාමල් ලබන 28 වනදා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වනදා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම, ඒ පිළිබඳ වාර්තාවක් මේ මස 30 වනදා තම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

සැකකරු එම අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගන්නා ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී සිටියේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඇතුළත්ව මෙම අධිචෝදනා ගොනුකර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *