මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් 08 දෙනා දිවයිනට පැමිණ තිබෙනවා.
තායිලන්තයේ සිට අද (18) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ UL 4-3 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පිරිමි පුද්ගලයින් 06 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් 08 දෙනෙක් පසුගිය මාර්තු මස 04 වනදා මුදවා ගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවා.
එම පිරිස ශ්‍රී ලංකාවට යොමු කිරීමේ අරමුණින් එම පිරිස මියාවඩි මධ්‍ය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි නමුත් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 11 වනදා ඔවුන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට බලධාරීන් විසින් පියවර ගෙන තිබූ බව සඳහන් වනවා.
Leave a Reply