භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිදුවීම පිළිබඳව වූ අවසන් වාර්තා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ කරුණු දැක්වීම්වලට අනුව සිය වාර්තාව මේ වන විට සකස් කර ඇති බවයි.
අදාළ වාර්තාව මුදල් කාරක සභාවේ සියලු සාමාජිකයින් වෙත දැනටමත් ලබාදී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
“අපි මහබැංකුව සහ භාණ්ඩාගාරය එක්ක සාකච්ඡා වට තුනක් කළා. ඔවුන් වාර්තා දෙකක් ඉදිරිපත් කළා. මහබැංකුවේ වාර්තාව වෙනම ඉදිරිපත් කළා. මොකද ඒ කට්ටිය පිළිගත්තේ නෑ. භාණ්ඩාගාරයෙන් ලබාදීපු බොහෝ දේවල්. ඉතිං ඒ නිසා අපි විශ්ලේෂණය කළා. අපි කෙටුම්පතක් හදලා, ඒක කමිටු සාමාජිකයන්ට භාරදීලා තිබෙනවා. ඔවුන්ට කෙටුම්පත කියවලා, ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්න කියලා. ඒ අදහස් ඉදිරිපත් කළාම එන අඟහරුවාදා අපි වාර්තාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම සභාපති කියලා මට ඕන විදිහට ඉදිරිපත් කරන්න බැහැනේ, සියලුදෙනාගේ අදහස් අරගෙන අපි විශ්ලේෂණය කරලා අපි එකඟතාවයකට ඇවිල්ලා අපි වාර්තාව ඉදිරිපත් කරනවා.”








Leave a Reply