Loading...

රංජිත් බණ්ඩාර දිලුම්ගේ ලේකම්වරියකට තර්ජනය කරලා

තමාගේ කට කපන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් කාන්තාවක් පේරාදෙණිය පොලීසිය වෙත ඊයේ (29) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ කාන්ත කටයුතු පෙර පාසල් හා රුපලාවන්‍ය ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධිකරණ ලේකම් තක්ෂිලා සෙනවිරත්න නම් කාන්තාවකි.

ඊයේ (29) දින මෙම දුරකථන ඇමතුම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් ලබාදුන් බවට පැමිණිලිකාරිය පැමිණිල්ලේ සටහන් කර ඇති බවයි පොලීසිය කියා සිටින්නේ.

දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය ඔහුට විරුද්ධව යම් කිසි දෙයක් ප්‍රකාශ කර ඇති බවට තමාට දැනගන්න ලැබුණ බවත් එය සත්‍යයක් නම් නිවසටම පැමිණ ඇයගේ කටේ සිට කණ දක්වා කපා දමන බවත් මෙම දුරකථන ඇමතුම දුන් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.

පොලීසිය වෙත පැමිණිල්ල සිදුකළ ලේකම්වරිය පවසන්නේ තමා සහ දියණිය පමණක් නිවසේ පදිංචිව සිටින නිසා මෙම ප්‍රකාශය හේතුවෙන් තමා බියෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් බණ්ඩාර මහතා පවසන්නේ ඇය වෙත දුරකථන ඇමතුමක් ගත් බවත් මෙවැනි සිද්ධියක් JVP භීතිය ඇති සමයේ සිදු කළා නම් ඔවුන් විසින් කට කපනු ඇති බවත් තර්ජනයක් සිදුනොකළ බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *