Loading...

,

රනිල්ගේ ජය පිරිතට මැතිවරණ කොමිසම හරස් වෙයි

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පතා කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඊයේ (14) පෙරවරුවේ භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ජය පිරිත් දේශනාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කර තිබෙනවා.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මොහොතක එක් අපේක්ෂකයෙකු පමණක් ප්‍රවර්ධනය වන අයුරින් පොදු ස්ථානයක මෙවැනි ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි බවයි.

මේ හේතුවෙන් එය නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධානය කරන්නේ නම් කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ආරංචි වීමෙන් අනතුරුව කොමිසම කළ දැනුම් දීමකදී සංවිධායකයින් එම ජය පිරිත නැවත්වීමට එකඟ වූ බවයි.

මෙම පැමිණිල්ල ලැබීමෙන් පසුව ඒ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර ගොස් යවා තිබෙනවා.

එහිදී අදාළ තොරතුරු සත්‍යයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව අදාළ සංවිධායකයින්ගෙන් මේ සම්බන්ධව කරුණු විමසා කොමිෂන් සභාවේ ස්ථාවරය ඔවුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිඳු ගැටළුවක් නොමැති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව එම ජය පිරිත වෙනත් ස්ථානයක පවත්වන බව සංවිධායකයින් එම මැතිවරණ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *