ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ (21) රාත්‍රියේ මෙම හමුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ජනාධිපතිවරණය සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත අනෙක් මැතිවරණ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබෙනවා.
කෙසේ වෙතත් පළමුව ජනාධිපතිවරණය සඳහා සුදානම් වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව මෙම හමුව සිදුවීම විශේෂත්වයෙකි.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි.
මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශවය අතර අවසන් එකඟතාවක් ඇති වී නොමැති බැවින් ඉදිරියේ දී මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතර ජනාධිපතිවරනය සම්බන්ධව මත දෙකක් පැවතීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Leave a Reply