Loading...

රනිල් මාතරින් ජනපති සටන අරඹයි

මේ වසරේ සහ ලබන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) මාතර පැවති ”එක්ව ජයගමු” ජන රැලියට එක්වූ අවස්ථාවේදීයි.

ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මුල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනරැලියට එක්වෙමින් ඒ මහතා පැවසුවේ කුණාටුවකට මුහුණ දුන් ශ්‍රී ලංකාව නමැති නෞකාව තමන් මේ වන විට සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවත් එය පැන ගිය කපිතාන්වරයකුට යළි බාරදෙන්නේ ? නැත්නම් මේ ආකාරයට ඉදිරියට රැගෙන යන්නේ ද ? යන්න තමා ජනතාවගෙන් විමසා සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *