Loading...

,

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනවා.

එම සංස්ථාව පවසන්නේ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව එහි නව මිල රුපියල් 392කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458කින් ඉහළ දමා තිබෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 470කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ ගොස් ඇති අතර එහි නව රුපියල් 410ක් ලෙස දැක්වෙනවා.

ලංකා භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 265කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *