තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4 සිට සේවයෙන් ඉවත් වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඔවුන් මෙලෙස වර්ජන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින්.
මේ අනුව හෙට (17) පස්වරු 4ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේ හෙට (17) මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඒ අනුව එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුවන බැවින් මහජනතාවට එමගින් සේවාවන් ලබා ගත හැකි බවයි.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදුකරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බවද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කර ඇති බවයි.








Leave a Reply