Loading...

ලංකාවේ ආර්ථිකයට දුර්වල ආණ්ඩුකරණයත් බලපාලා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මස අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව වෙරිටේ රිසර්ච් IMF මීටරය පෙන්වා දී තිබෙනවා.

අදාළ මීටරයෙන් හෙළිව ඇත්තේ ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බොහොමයක් කැපවීම් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ ඒවා බවයි.

කැපවීම්වලින් 36%ක තත්ත්වය මැනීම ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් එපා කැපවීම් තත්ත්වය නොදන්නා ලෙස IMF මීටරය වර්ගීකරණය කර ඇති බවද එම ආයතනය පෙන්වා දෙනවා.

ඔවුන්ගේ දත්ත අනුව ශ්‍රී ලංකාව මේ දක්වා ඉටු කර ඇති බවට සනාථ කළ හැකි කැපවීම් ප්‍රමාණය 31%ක් පමණයි.

දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *