අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සුදූ සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරු 08ක් හා සැකකාරියක් 03ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (04) රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.
මෙහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සුදූ සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08 දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් වනවා.
සිද්ධිය සම්බන්ධව තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.








Leave a Reply