අද (30) සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සියළු ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවන බවයි.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420කි.
ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමන බවයි.
එහි නව මිල වන්නේ රුපියල් 333කි.
තවද ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 377කි.
භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
Leave a Reply