Loading...

පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා – නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි

පාර්ලිමේන්තුව පිළිබඳ පවතින මහජන විශ්වාසය වෙනදාට වඩා වැඩියෙන් පිරිහී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තු පිළිබඳ ඇති මහජන විශ්වාසය අද වන විට 22% දක්වා පහත වැටී තිබෙනවා.

2011 වසරේ දී එය 63%ක මට්ටමක පැවතුණු බව සඳහන්. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලද පුද්ගලයන් 1350 දෙනෙක් මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට සෑම පුරවැසියන් දහදෙනෙකුටම එක් අයෙක් – ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිපක්ෂ – අධිකාරීවාදී පාලනයක් පිළිබඳව විශ්වාස කර තිබෙනවා.

මෙම සමීක්ෂණයයේ දී දේශපාලන පක්ෂ කෙරෙහි ඇති මහජන විශ්වාසය ද මේ වන විට ඉතාමත් පහත් මට්ටමක ඇති බව සඳහන්.

2011 වසරේ දී 56%ක් දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාස තබා ඇති වුවත් මේ වන විට එය 19%ක් දක්වා පහත වැටී තිබෙනවා.

කෙසේ නමුත් අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *