අද (24) මැදියම් රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන අතර මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 4 වනදා සිට 11 වනදා දක්වා කැඳවීමට නියමිතව තිබෙනවා.
මේ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වනදා රැස්වීම සඳහා කැඳවනු ඇති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමඟ එහි සියලුම මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි වී යන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස විසුරුවා හැරුණු ලැබුවේ මෙරට 9වන පාර්ලිමේන්තුවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ අත්සන් තැබූවා.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබුවේ නම් එහි කටයුතු ලබන වසරේ අගෝස්තු මස දක්වා කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් දින 10කින් පසු දින 7ක් ඇතුළත නාම යෝජනා කැඳවිය හැකි වන අතර එම ගැසට් නිවේදනය නිකුත් කර දින 52ත් 66ත් අතර කාලයේදී මැතිවරණය පැවැත්විය යුතු වනවා.








Leave a Reply