Loading...

අපේ තාවී අවුරුදු 11න් පහළ ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමයා වෙයි

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය විසින් නිකුත් කළ නවතම රේණිගත කිරීම්වලට අනුව ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කරගෙන ගෙන ඇති බව සඳහන්.

වයස අවුරුදු 10ක පසුවන තාවී සමරවීර වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවනවා.

ඔහු මෙම වසර මුලදී ඉතාලියේ පැවැති ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් පසුව තාවී සිය වයස් ඛාණ්ඩයේ රන් පදක්කම දිනා ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *