Loading...

නාමල්ට එරෙහි නඩුවක් නැවත කැඳවීමට නියෝග

ක්‍රිෂ් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදුවී ඇති බවට පැවසෙන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 22 වනදා නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (17) නියෝග කරනු ලැබුවා.

සිද්ධිය පිළිබඳව මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට ඇති බවද වාර්තා වනවා.

රුපියල් මිලියන 70ක පමණ මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දුෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *