Loading...

විපක්ෂයෙන් කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදානමක් ඇති බව වාර්තා වනවා.

විපක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කිරීම විපක්ෂයේ නීතිඥවරුන් වන මන්ත්‍රී පිරිසකට පවරා ඇති බව සඳහන්.

කථානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩකර ඇති බව චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් සම්පුර්ණ කිරීමට පාර්ලිමේන්තුව සහාය නොදීමෙන් කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවය උල්ලංඝනය කර ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ විපක්ෂය මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළත් කථානායකවරයා ඊට අවධානයක් යොමු කර නැති බවත් ස්ථාවර නියෝග අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් භාර දෙන ලිපි භාර ගැනීමද කථානායකවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *