ලබන ජුලි 25 වනදා සිට අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
නොයෙක් ප්‍රයෝගික දුෂ්කරතා හේතුවෙන් ඔන්ලයින් වෙන්දේසිය මේ දක්වා ක්‍රියාත්මක නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකා රේගුවේ සියළුම වෙන්දේසි අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අතර එහි වගකීම රේගු දෙපාර්තමේන්තුව භාරගෙන ඇති බවයි.
ඊට අමතරව මෙම ක්‍රමවේදයෙන් රජයට නිසි ආදායමක් ලබා ගැනීමට මෙන්ම රන් ඇතුළු භාණ්ඩ තරඟකාරී මිලකට ලබාගැනීමේ විවෘත අයිතියක් ජනතාවට ලබාදීමට හැකි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
Leave a Reply