බණඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6ට පමණ වෙඩි තැබීමක් සිදුවුණා.
පොලීසිය පැවසුවේ මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නාඳුනන වෙඩික්කරුවෙකු වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවයි.
වෙඩි ප්රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධව මේ දක්වා හෙළිව නොමැති බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්රහාර 20කට අධික ගණනක් ඔහු ඉලක්ක කර තබා ඇති බවයි.








Leave a Reply