පවතින තත්ත්වය තුළ ආපදා අවදානමක් නොමැති බැවින්, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අදාළ ආයතන ඒකාබද්ධව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වනවා.
එහිදී ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, විභාග පැවැත්වීමට නියමිත දිනවලදී දැඩි කාලගුණික විපර්යාසයක් හෝ ආපදා තත්ත්වයක් ඇති වන බවට මේ වන විට කිසිදු අනාවැකියක් නිකුත් වී නොමැති බව තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, පෙර නියම කළ කාලසටහනට අනුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සූදානම් කටයුතු සිදුකර ඇති බවත් අදාළ බලධාරීන් සඳහන් කරනවා.







Leave a Reply