ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 20ක් පමණ මේ වන විට හදිසියේ නැංගුරම් ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දැඩි ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හේතුවෙන් මෙම නෞකා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, අදාළ යාත්‍රාවල ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයක් ද මේ වන විට උග්‍ර ලෙස මතු වී තිබෙනවා.
චීනය වෙත බොරතෙල් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි, ඉරානයට සම්බන්ධ මෙම නෞකා 20 ශ්‍රී ලංකා වෙරළ ආසන්නයේ මෙලෙස නැංගුරම් ලා ඇත්තේ ඉරානයේ තෙල් වෙළෙඳාමට සහය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන්.
නෞකා තුළ සිටින නාවිකයන් ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමට දැඩි ලෙස උත්සාහ කළද, ඇමෙරිකානු සම්බාධකවලට හසුවීමේ බිය නිසා ශ්‍රී ලංකා සැපයුම්කරුවන් සේවා සැපයීමට මැළිවීමෙන් නාවිකයින් අතිශය අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.
මෙම නෞකා ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් පිටත, එනම් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) අසල නැංගුරම් ලා තිබීම නිසා, ශ්‍රී ලංකා බලධාරීන්ට ඒ කෙරෙහි පවතින නීතිමය බලතල සීමිත වී ඇති නමුත්, අදාළ නෞකාවල ගමනාගමනය ශ්‍රී ලංකා බලධාරීන් විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබනවා.
කලාපීය සාගර ප්‍රවාහනය සහ සැපයුම් ජාලය දැඩි අර්බුදයකට තල්ලු කර ඇති මෙම සිදුවීමත් සමඟ, අතරමං වූ නෞකාවල සිටින කාර්ය මණ්ඩලයේ මානුෂීය අවශ්‍යතා පිළිබඳව ද මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.







Leave a Reply