2026 වසරේ සැප්තැම්බර් 30 වන විට සිය සමස්ත ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
ඒ අනුව මේ වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා වූ මාස 09ක කාලය තුළ දෙපාර්තමේන්තුව රැස්කර ඇති සමස්ත ආදායම දැවැන්ත ලෙස ඉහළ යමින් රුපියල් බිලියන 2,040ක් දක්වා සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 2025 වසරේ අදාළ කාල සීමාව තුළ රැස්කර තිබූ රුපියල් බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රුපියල් බිලියන 398ක දැවැන්ත වර්ධනයක්.
2026 සමස්ත වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වන විටත් එහි සමස්ත ඉලක්කයෙන් සියයට 85ක් සාර්ථකව සපුරාලීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, එය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ ලබාගත් රුපියල් බිලියන 216ක ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 72ක කැපී පෙනෙන ඉහළ යාමක්.
බදු ගෙවන්නන්ගේ ස්වේච්ඡා බදු ගෙවීමේ පෙළඹවීම මෙන්ම බදු පරිපාලනයේ පවතින ඉහළ කාර්යක්ෂමතාවය මෙම ඓතිහාසික ආදායම් වර්ධනයට සෘජුවම දායක වී ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.








Leave a Reply