Loading...

මුතුරාජවෙල සිට කටුනායකට අලුත්ම ගුවන්යානා ඉන්ධන නළ මාර්ගයේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

මුතුරාජවෙල සිට කටුනායක දක්වා අති නවීන තාක්ෂණයෙන් යුත් ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නළ මාර්ගයක් එලීමේ දැවැන්ත සංවර්ධන කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඓතිහාසික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙහිදී, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන පිරවුම් පර්යන්තය වෙනුවෙන්ම සෘජුව සම්බන්ධ වන විශේෂිත ගුවන්යානා ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගය ඉදිකිරීමට පියවර ගැනෙනවා.

ඊට අමතරව, අදාළ නළ මාර්ගය හා සම්බන්ධ වන පරිදි ඝන මීටර් 92,000ක අතිවිශාල ධාරිතාවයකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් මෙන්ම, ඊට අදාළ නවීන යටිතල පහසුකම් පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මුතුරාජවෙල දැනට පවතින ප්‍රධාන ඉන්ධන පර්යන්තයේ ද විශේෂිත තාක්ෂණික වෙනස්කම් සහ නවීකරණයන් රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *