Loading...

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංග භාර දෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට අද (12) භාර දෙනු ලැබුවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාල සීමාවේ දී ආරක්ෂාව නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් මේ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත්ය.

මේ අනුව ඔහුට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද ඔහු එහිදී සඳහන් කළා.

900558752-Motion-of-No-Confidence


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *