Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන නසාර් හුසේන්ගෙන් අනාවැකියක්

මේ වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බව එංගලන්ත හිටපු ක්‍රිකට් නායක සහ විස්තර විචාරක නසාර් හුසේන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ ICC සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

“මට දැනෙනවා දිගු කාලයක් එකට ක්‍රිඩා කළ මේ කණ්ඩායමට දක්ෂතා දැක්වීමට හොඳම කාලය තමයි මේ.හැමවිටම ඔවුන්ට දක්ෂතාවය තියෙනවා. ඔබ කොළඹ, ගාල්ල, නුවර වගේ ප්‍රදේශවල බැලුවොත් දකින්න පුළුවන් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීමේ ව්‍යුහය. අනෙක් රටවලට නැති තරමේ දක්ෂතා ඔවුන්ට තියෙනවා. ශ්‍රී ලංකාව තවමත් නොනැවතී දක්ෂ ක්‍රීඩකයින් බිහි කරමින් සිටිනවා. ඔවුන් හැමවිටම දක්ෂයි. හැබැයි ස්ථාවරව දක්ෂතා පෙන්වන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් කරයි කියලා. මොකද ඔවුන් පසුගිය ICC තරගාවලිවලදී ඔවුන්ගේ හැකියාවන්ට වඩා අඩුවෙන් තමයි දක්ෂතා දක්වල තිබුණේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *