Loading...

,

නන්දසේනගේ පොතට රුසියාවෙන් ප්‍රශ්ණයක්?

ජනතතා විරෝධය හමුවේ සිය ධුරය අතහැර පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියූ බව පැවසෙන කෘතියේ කරුණක් සම්බන්ධව රුසියාව සිය අවධානය යොමු කර තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින්.

විදෙස් තානාපතිවරුන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතර පවතින සබඳතා සීමා කළ යුතු බවට එම පොතෙහි යෝජනා කර ඇති බවයි මෙරට රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ.

අදාළ කෘතියේ විදේශ තානාපතිවරුන් සම්බන්ධයෙන් කරුණු සටහන් කර ඇති බවද ඔවුන් කියා සිටිනවා.

එහි සඳහන් විදේශ තානාපතිවරුන් කුමන රට නියෝජනය කරන අයද යන්න රුසියානු තානාපති කාර්යාලය ප්‍රශ්ණ කර සිටිනවා.

අදාළ X සටහනේ සඳහන්ව ඇත්තේ, “ජී. රාජපක්ෂ විසින් අලුතින් එළිදක්වන ලද පොත ගැන ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළ වූ ප්‍රකාශන පිළිබඳව අවධානය යොමු කරන ලද අතර, එහිදී ශ්‍රී ලංකා හමුදා වෙත විදේශ තානාපතිවරුන්ගේ සංචාර සීමා කළ යුතු බවට යෝජනා කර ඇත. ඊට පැහැදිලි කිරීම අවශ්‍ය වේ, එයින් කුමන රටවල රාත්ය තාන්ත්‍රික නියෝජිතයන් අදහස් කරන්නේද”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *