Loading...

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා වෙන්වුණු අය ගැන නාමල් තීරණයක් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි සහ එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි පුද්ගලයෙක් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැනට වෙන්ව සිටින කිසිඳු අයෙක් සමඟ සන්ධානගත වීමක් සිදු නොකරන බවයි.

පොහොට්ටුව සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බවට ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින කොටසක් පවසන බවද ඒ මහතා කියා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ එලෙස පවසන ඕනෑම අයෙක්ට තම පක්ෂය අතහැර යාමට අවස්ථාව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *