Loading...

නාමල් සහ විජයදාස නාම යෝජනාවලට අත්සන් තබයි

ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබෙනවා.

මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී නාම යෝජනා සඳහා අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනාවට පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිවසේ දී ඔහු එලෙස නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *