ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ඊයේ (14) පැවැති තරඟයෙන් ලකුණු 20ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
මුම්බායි වන්කඩේ හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට චෙන්නායි කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගැනීමට සමත් වුණා.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර චෙන්නායි කණ්ඩායමේ නායක Ruturaj Gaikwad ලකුණු 69ක් ලබා ගනු ලැබුවා.
ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණි.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ශර්මා නොදැවී ලකුණු 105ක් ලබා ගනු ලැබුවා.
එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.
Leave a Reply