Loading...

හංවැල්ලේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩි තැබීම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පිළිගැනීමක් බවට පොලීසිය සැකපළ කරනවා.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

ඊයේ (13) රාත්‍රී 9.50ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් එහි සිටි පුද්ගලයෙකි ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවයි.

වෙඩි තැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබෙනවා.

ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්ද උඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණා.

පසුගිය 12 වනදා මීගොඩ ආටිගල මාර්ගයේ දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ ඝාතනය වූ බනා මන්ත්‍රී නැමැත්තාගේ මස්සිනා වන ගගන සහ හඳපාන්ගොඩ හඳයා නම් අපරාධකරුවන් විසින් මෙම වෙඩි තැබීම මෙහෙය වූ බවට තොරතුරු ලැබී ඇති බවයි.

හඳපාන්ගොඩ හඳයාගේ පාර්ශ්වයෙන් ලලිත් කන්නංගර පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ මඟින් තොරතුරුද ලැබී තිබූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

එම තොරතුරු වාර්තා පෙන්වා දෙන්නේ මේ අනුව ලලිත් කන්නංගරගේ සමීපතමයන් එම ප්‍රදේශයෙන් ඉවත් පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවත් ඒ අතරවාරයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *