Loading...

මෝදීට චීනයෙන් ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පින් එරට සංචාරය කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ චීන විදේශ අමාත්‍ය වැන්යීගේ ඉන්දීය සංචාරය අතරතුර චීනයේ පැවැත්වෙන එළැඹෙන ශැංහයි සහයෝගීතා සමුළුවට සහභාගී වන ලෙස චීන ජනාධිපතිවරයා ඒවා තිබූ මෙම ආරාධනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.

පසුගිය 19 වනදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහ චීන විදේශ අමාත්‍යවරයා අතර පැවැති හමුවේ දී එම ආරාධනය යොමු කර ඇති බව සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී චීන ජනාධිපතිවරයාගේ එම නිල ආරාධනය පිළිගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත වර්ධනය සඳහා ඉන්දීය – චීන දේශසීමාවේ සාමය සහ සන්සුන් භාවය වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *