විදේශගතව සිටින මැති ඇමතිවරුන් හත් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීම හෙට (21) පැවැත්වීමට නියමිත බැවින් එම මැති ඇමතිවරුන් මෙලෙස කැඳවා ඇති බවයි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් මෙලෙස කැඳවා තිබෙනවා.
මේ අතර සියළුම මැති ඇමතිවරුන්ට මෙම යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන කාලයේ දී කොළඹ රැඳී සිටින මෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා දැනුම් ඇති බවද වාර්තා වනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසාන ඡන්ද විමසීම පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.
Leave a Reply