Loading...

ෆේස්බුක් ගිණුම් 10ක් අපහාස කළ නිසා ඇමති වසන්ත CIDයට

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි වන ලෙස ගොතන ලද කථා සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

20039516 අංකය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

ඊට අමතරව එම පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙසද CIDයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ ඩබ්ලිව් පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ “ගම්පහ පොදු ජන හඬ” ෆේස්බුක් පිටුවද ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *