අධිකරණය නියෝගයක් ලබා දෙන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිව යුතු සියළු දෙන සම්බන්ධව තොරතුරු හෙළි කිරීමට තමා සුදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) එක්වීමෙන් අනතුරුවයි.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,”ජනතා බලයක් නොමැති අර්බුදකාරී අන්තිම පහත් තත්ත්වයට පත් වූ පාර්ලිමේන්තුවක් තමයි අද තියෙන්නේ මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා නියමිත වේලාවට මහ මැතිවරණ, ජනාධිපතිවරණ පැවැත්විය යුතුයි.
ඒ පත්වන නව රජය ජනතාවගේ දැවෙන ප්‍රශ්න කෙරේ මූලික අවධානය යොමු කළ යුතුයි. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ සියයට පනහකටත් වඩා අන්ත දූෂිතයෝ. හොරු වංචාකාරයෝ. මේ අය නැවත පත් නොකිරීමට ජනතාවට වගකීමක් තිබෙනවා. මේ රට විනාශ කරේ අවුල් කරේ රාජපක්ෂලා කියන එක පිළිබඳ තර්කයක් නෑ. නමුත් පුදුමය කියන්නේ අදටත් සමහර මිනිස්සු රාජපක්ෂලගේ පස්සේ යනවා.
රාජපක්ෂලාගේ පාලන සමයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ මගේ පාලන කාලේ දාපු නඩු 46 ක් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ නිදොස් කොට නිදහස් කරගත්තා. මහා බැංකුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍ර ඇතුළු කණ්ඩායමට දාපු නඩුව පසුගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා.
මම අධිකරණ තීන්දු වලට අභියෝග කරන්නේ නෑ.ගරු කරනවා. නමුත් ඒවාට අවශ්‍ය ව්‍යාජ ලිය කියවිලි ඔක්කොම හදලා. අර්ජුන මහේන්ද්‍ර ඇතුළු 10 දෙනෙක් නිදහස් කලා. හැබැයි දැන් මේ රටේ දේශප්‍රේමීන් පිරිසක් නැවතත් ඒ නඩුව ඇපිල් කරලා තියෙනවා.
අපේ පක්ෂයේ කීපදෙනෙක් ඇමතිකම්වලට කෑදරකමින් රජයට ගිහිල්ලා ඇමතිකම් අරගෙන අද විශාල අර්බුදයක් මතුවෙලා තියෙනවා.
හෙට අනිද්දට අපි ඒ ප්‍රශ්නය විසඳගන්නවා. ඒ අයට කැමති නම් රජයටම වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අපි ළඟට එන්න පුළුවන්. ඕන තැනකට ගියත් අපිට කමක් නෑ, අපේ පක්ෂයට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව.”
Leave a Reply