Loading...

ඉරානයේ නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට

ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එම නෞකාවට නතර කරන ලෙස අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බවයි.

අඩි 900කට ආසන දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව TOUSKA නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව සඳහන් වනවා.

අදාළ නෞකාව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප් සිය Truth පෙන්වා දී තිබුණා.

මෙහිදී එම නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම අනතුරු ඇඟවීම නොතකා ඔවුන් යාත්‍රා කිරීමෙන් පසුව අදාළ නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වූ බවද ට්‍රම්ප් සිය සටහනෙන් පෙන්වා දෙනවා.

පසුව එම නෞකාව ඉරාන වරායක් දෙසට යාත්‍රා කිරීමට උත්සාහ දරා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ මේ වන විට අවධානය යොමුව ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ඉරානය සඳහන් කරන්නේ මෙම සිදුවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමක් බවත්ය.

ඉරාන ඉහළම හමුදා මුලස්ථානය වන කටම් අල් – අන්බියා හී ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එක්සත් ජනපදය සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන් මුහුදේ දී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තබා එහි නාවික පද්ධතිය අක්‍රීය කර ඇති බවයි.

මේ අනුව එක්සත් ජනපද නාවික හමුදාවේ මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මණින් ප්‍රතිචාර දක්වනු ඇති බවද ඉරානය අමෙරිකාවට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *