පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය පිළිබඳව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හරින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
මේ අනුව සැකකරුවන් රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනක බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියම කරනු ලැබුවා.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු බවත් එම නියෝගයේ සඳහන් වුණා.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
මහේස්ත්‍රාත්වරිය ඇප ලබාදුන් අවස්ථාවේ වැඩිදුරටත් කියා සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි.








Leave a Reply