මාදිවෙල මන්ත්‍රී නිල නිවසේ පහසුකම් ප්‍රමාණවත් නොමැති හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණි කර තිබෙනවා.
එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස බොහොමයක් ජරාවාස වී ඇති බවත් වර්ෂා කාලයේදී සමහර නිවාසවලට ජලය පවා කාන්දුවන බවත්ය.
වර්ෂා කාලයේ දී ඇතැම් වැසිකිලි උතුරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
තවද මන්ත්‍රී නිල නිවාසවල මන්ත්‍රීවරයෙකුට පවුලේ සාමාජිකයින් සමඟ ජීවත් වීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති හෙයින් එම නිවාස නවීකරණය කර දෙන ලෙසට ද මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් රැසක් ඒ සම්බන්ධයෙන් තමාට පැමිණිලි කර ඇති බවයි.
Leave a Reply