Loading...

ගෑස් හැංගුවොත් හෝ වැඩි මිලට වික්කොත් ඒජන්සිය අහෝසි කරනවා – ලිට්‍රෝ සමාගම

ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සියලුම අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මේ බව අවධාරණය කර තිබෙනවා.

මෙම උපදෙස් සහ නියෝග නොසලකා හරින හෝ උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ලිට්‍රෝ අලෙවි නියෝජිතභාවය (Agency) පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම සමාගම සඳහන් කරනවා.

පාරිභෝගික ජනතාවට කිසිදු බාධාවකින් තොරව සහ නියමිත පාලන මිලට ලිට්‍රෝ ගෑස් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *