කඩවත, මහකඩේ හන්දිය ප්රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි බාලවයස්කරුවෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අද (31) පස්වරුවේ මහකඩේ හන්දිය ප්රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් රථවාහන රාජකාරිවල නිරතව සිට ඇති අතර, එහිදී එම ස්ථානයෙන් ධාවනය වූ ත්රීරෝද රථයකට නවත්වන ලෙස අණ කර ඇත.
කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා අදාළ ත්රීරෝද රථය ධාවනය කර ඇති අතර එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.
එම වෙඩි තැබීමෙන් ත්රීරෝද රථයේ ගමන් කරමින් සිටි 16 හැවිරිදි බාලවයස්කරුවෙකුගේ පිටුපස ප්රදේශයට වෙඩි ප්රහාර දෙකක් එල්ල වී තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ අදාළ බාලවයස්කරු වහාම ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.







Leave a Reply