ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ලැබුවා.
ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ඊයේ (05) පැවැති අවසන් පුර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
ඊයේ (05) පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වුණා.
විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 45ක් ලබා ගත්තා.
ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 134ක් පමණි.
පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙළුවා.
මේ අනුව කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය අතර තරඟය වැදීමට නියමිතව තිබෙනවා.
මෙම තරඟ ජයත් සමඟ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශය පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයට සුදුසුකම් ලබා ගනු ඇති.
Leave a Reply