Loading...

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ආ අලුත්ම තොරතුර

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධව පත්කළ විද්වත් කමිටුව පවසනවා.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ විද්වත් කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වුණා.

මෙහිදී පනතට ගෙන එනු ලබන සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස්, ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වනවා.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම පිළිබඳව වූ කමිටුව මේ වන විට 14 වතාවක් රැස්ව ඇති අතර එහි මීළඟ සාකච්ඡාව හෙට (22) දින රැස්වීමට නියමිතයි.

පනත් කෙටුම්පත් කිරීම පිළිබඳව මහජන අදහස්, සිවිල් සංවිධාන අදහස් හා අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *