Loading...

IPL පළමු තරඟයෙන් ගියවර ශූරයන්ට ජය

2024 IPL තරඟාවලිය ඊයේ (22) ආරම්භ වුණා. තරඟ 74කින් සමන්විත මෙවර තරඟාවලියේ දින 64ක් පුරා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 12ක පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (22) චෙන්නායි චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එම සමාරම්භක උළෙල වර්ණවත් කිරීමට ඉන්දීය සුපිරි නළු අක්ෂේ කුමාර්, ටයිගර් ශේරෝෆ් සහ ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්, ඒ ආර් රහුමාන් එක්වුණා.

සමාරම්භක උළලෙන් අනතුරුව තරඟාවලියේ පළමු තරඟය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බංගලුරු කණ්ඩායම් අතර පැවැත්වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් බංගලුරු කණ්ඩායමේ නායක Faf du Plessis පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බංගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස්කළා.

බංගලුරු කණ්ඩායම වෙනුවෙන් Anuj Rawat සහ Dinesh Karthik හයවන කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනැගුවා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් Rachin Ravindra ලකුණු 37ක් සහ Shivam Dube ලකුණු 34 බැඟින් ලබාගත්තා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද (23) පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම් අතරයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *