කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ දී පසුගිය අප්‍රේල් 22 වනදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය බවට පැවසෙන තරුණියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (12) දිනයේ දී කුලියාපිටිය පොලීසියට කැඳවා සිදු කරන ලද ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම සහ මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිය පෙම්වතියගේ පියාගෙන් ලැබුණු කන්දවිමකට අනුව පසුගිය අප්‍රේල් මස 22 වනදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි පෙම්වතියගේ නිවසට ගොස් තිබූ අතර අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබී සොයා ගනු ලැබුවා.
ඝාතනය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය මේ වන විට සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Leave a Reply