බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ලබන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිත City Of Dreams විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
නමුත් මෙය නිල වශයෙන් තහවුරු වී නොමැති බවද සඳහන්.
කෙසේ වෙතත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.
එම තොරතුරුවලට අනුව “ City of Dreams ” සහ “Cinnamon Life” නිල සමාජ ජාලා ගිණුම් ඊයේ (29) සිටම විශේෂ කෙනෙක් පැමිණෙනවා යන තේමාවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර ඇවිත් ඉන්නේ කවුද කියා හඳුනාගන්න යනුවෙන් එහි සඳහන් වනවා.
බොහෝ දෙනා පවසන්නේ ප්‍රචාරණ රූපයේ පෙනෙන සිරුරේ සිරුරක් ශාරුක් ඛාන්ගේ ජනප්‍රිය භාව පෙනුමට සමාන බවයි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක වියදමක් දරා ඉදි කරන ලද සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතියට ලෝක මට්ටමේ කැසිනෝවක් සුඛෝපභෝගී හෝටලය සහ වෙළෙඳ මධ්‍යස්ථානයක් අයත් වනවා.
මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙන් මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනයක් ලෙසයි.
මෙම උත්සවයට ජාත්‍යන්තර සුප්‍රකටයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වනවා.








Leave a Reply