Loading...

අතරමඟ නතර වූ ව්‍යාපෘති ගැන ජපානය දුන් පොරොන්දුව

දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය පවසනවා.

ඊයේ (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජපාන විදේශ අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ඒ අනුව නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මෙරට ද ද්විපාර්ශවික ගිවිසුම් ඉතා ඉක්මණින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වීමෙන් පසු මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජපන් විදේශ අමාත්‍යවරිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තවදුරටත් සහාය දැක්වීමට ජපානය බලාපොරොත්තු වන බවයි.

මෙරට සියළු ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ඇය මෙහිදී සඳහන් කළා.

ජපන් විදේශ අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට ඉතා ඉක්මණින් අත්සන් තබනු ඇති බවට ජපානය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ජපාන විදේශ අමාත්‍යවරිය දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) මෙරටට පැමිණියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *