Loading...

කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව හෙළි වුණා – තලතා අතුකෝරළ

සුප්‍රීන් සැට් රොකටුව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ රජයේ අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තරවලින් පෙනෙන්නේ රටේ වගකීම ඉටු නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණ ගැන කතා කළා.ඒ වගේම හිතුනොත් නීති හදලා කුමන්ත්‍රණ මැඩ පවත්වනවා වගේ තර්ජනයකුත් දැම්මා.එතුමා අතීතයේ හැසිරිච්ච ආකාරය ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ.

ඒ වගේම සුප්‍රීන් සැට් රොකට්ටුව ගැන අහපු ප්‍රශ්නයකට අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙනවා. ඒ ප්‍රශ්නය අයත් වන්නේ මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයෝජන මණ්ඩලයට.ඒ ගැන පිළිතුර හදන්න ඕන මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා.මේ ගැන අර්බුදයක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලයේදී ඒක සාකච්ඡා කරලා පිළිතුරක් දිය යුතුව තිබුණා.

සුප්‍රීන් සැට් රොකට්ටුව යැවීම රාජ්‍ය සම්පත් කිසි ලෙසක භාවිතා නොකළ පෞද්ගලික ආයෝජනයක් බව සුප්‍රීන් සැට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ඒ වගේම අගමැතිවරියගේ පිළිතුරෙන් පසු ඇමති වසන්ත සමරසිංහ ඊට පරස්පර උත්තරයක් ලබා දුන්නා.කැබිනට් මණ්ඩලයේ තිබෙන මේ පරස්පරතාවය මොකක්ද?ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43:2 වගන්තියෙහි අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳී සිටින බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.අගමැතිවරිය එකක් කියන විට වසන්ත සමරසිංහ ඇමතිවරයා තව එකක් කියනවා.

අගමැතිවරිය අපහසුතාවයට පත් කරන්න හිතා මතාම යටි කුමන්ත්‍රණයක් ලෙස මේ පිළිතුර හදා දුන්නාද ප්‍රශ්නයක් අපට තියෙනවා.ඒ අනුව ජනාධිපතිතුමා කියපු කුමන්ත්‍රණය තියෙන්නේ එතනමද කියන ගැටලුවක් අප හමුවේ ඉතිරි වෙනවා.

ඒ වගේම එදා ජනපති පාර්ලිමේන්තු කතාවේදී පාර්ලිමේන්තුවේ කියන්නේ බොරු යැයි ප්‍රකාශයක් කළා. ඒ කියන්නේ එතුමා විපක්ෂයේ ඉඳගෙන එදා කිව්වේ බොරුද?මේ රටේ ජනතාව වැඩිපුරම නොමග යැව්වේ ඒ කතා තමයි.මේ පැටලැවිලි මොනවද කියලා හිතාගන්න බෑ.එක පැත්තකින් අගමැතිවරිය අමාරුවේ දානවා.කැබිනට් සාමූහිකත්වය ආරක්ෂා කරන්න බැරි ඇමතිවරු ඉන්නවා කියන එක රටක් ජාතියක් ලෙස ලැජ්ජා විය යුතු කාරණයක්.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *