රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ සම්බන්ධව තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කර කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ගැසට් නිවේදනයට අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළ අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු වනවා.
තවද මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
එහිදී බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මුල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මුල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියළුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය, අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතු වනවා.
ඊට අමතරව ආයෝජනය පිළිබඳව තොරතුරු හා කොටස් ගණුදෙනු සහ වෙනත් ගණුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳව තොරතුරු ද දිනපතා ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් නියම කර තිබෙනවා.
කෙසේ වෙතත් යම් පුද්ගලයෙක් හෝ රජය ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වනදාට පෙර යම් තොරතුරු පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 1 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
Leave a Reply