කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරුණු ඇති බවට පැවසෙන පාර්ලිමේන්තු අංශ ප්‍රධානියෙකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ වී ඇති බවයි.
අදාළ නිලධාරියා සේවක සේවිකාවන්ට උසස් වීම් පිරිනැමීමේදීත් අදාළ අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේ දී ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු හෙළිවීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව සඳහන්.
මේ වන විට ඇතැම් සේවිකාවන් මේ පිළිබඳව ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලද බවට පැවසෙන සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධව පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මීට පෙර විනය ක්‍රියාමාර්ග ගැනුණා.
Leave a Reply