Loading...

,

මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය – රනිල් බැසිල්ගේ මුණටම කියලා?

එළඹෙන මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මහ මැතිවරණය පළමුව පැවැත්වීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.

මෙහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාට සෘජුව ප්‍රකාශ කර ඇත්තේ පළමුව ජනාධිපතිවරණය පවත්වන බවකි.

කෙසේ නමුත් මේ දක්වා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශකය සමඟ බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

රට ගැන මෙන්ම පක්ෂයේ දේශපාලනය ගැන සිතන්නේ නම් පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

කඩා වැටී තිබුණු රට තමන් භාරගත් බවත් ජනතාව තමන්ට පිටුපාන ඇති බවට තමා නොසිතින බවත් ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *